Saturday, November 8, 2025

 මා ඔබෙන් සමුගන්නේ

ලිදු හමුනොවෙනා ලෙසටයි

කුඩා මිදුලක් සහිත ගෙයක්

මුහුදු රැලි පාගන හවසක්

අපේ සිහින වල තිබුනා මතකයි


නිතර නිතර හමුවුනු 

කෑගහන මුහුදු තීරයත් 

අද හුගක් නිසලයි නිහඬයි

මා ඔබෙන් සමුගන්නේ

යලිදු හමුනොවෙනා ලෙසටයි


අද ඔයා Weeknd වගේ යැයි

ඇය පැවසුවා මතකයි

ඔයා නම් ලස්සන ජපන් කෙල්ලෙක්

මේ මම මුදාහල පිලිතුරයි


ප්‍රේමිය අප දෙදෙනා හමුවන 

අවසන් සතිය මෙය වෙයි

මා ඔබෙන් සමුගන්නේ

යලිදු හමුනොවෙනා ලෙසටයි




No comments:

Post a Comment